තමිල්ඊලම් ජාතික නායක අති ගරු වේ.ප්රභාකරන් මැතිතුමාගේ 2008 මහවිරු කථනය.
Nov 27th, 2008 by admin
මගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර තමිල්ඊලම් ජනතාවනි.
අද මහවිරු දිනයයි.
තමිල්ඊලම් තනි රාජ්‍යයේ උදාව සඳහා තම දිවි පුදා අපගේ හදවත්වල පිරි සිටින අපගේ විරුවන්ව අප අනුස්මරණය කර ගරු බුහුමන් දක්වන පුජනීය දිනයයි.
වසර ගණනාවක්ව පිටස්තර ආධිපත්‍යයන් තුල පෑගී තිබු අපගේ දේශය ආක්රමණිකයිනට යටත් නොවන නොසැලෙන භූමියක් බවට පත් කල අපගේ වීරයන් සිහිපත් කර නමස්කාරය පුදකරනා උතුම් දිනයයි.
අපගේ දේශය විමුක්තිය ලබා අපගේ ජනතාව නිදහස්ව ආත්මගරුත්වයෙන් ජිවත් විය යුතු බවට පරම අධිෂ්ඨානය වෙනුවෙන් දිවිපිදු අපගේ මහාවිරුවන්ව අපගේ හඳ පත්ලේ තබා ගන්නා ජාතික දිනයයි.
අපගේ මහාවිරුවන් මෙම භූමිය ගැඹුරෙන් ඇලුම් කලහ.අපගේ මව්බිමේ විමුක්තිය සඳහා තම දෑස් විවර කල මොහොතේ සිට සදහාටම වැසෙන තුරු ඔවුන් කල පරිත්‍යාගයන් ලෝක ඉතිහාසයෙහි අසම සම වුවකි.
මොනයම් දේශයකත් මොනයම් කාලයකත් සිදු නොවු අපූර්ව කැපවීම් අපගේ භූමියේ, අපගේ භූමිය සඳහා අපගේ මහාවිරුවන් සිදු කර ඇත.
අපගේ මහාවිරුවන් මේ භූමියෙහිමයි ඉපදි, හැදි වැඩි ජිවත් වුයේ.මෙම භූමියෙහිමයි ඔවුන්ගේ පා සටහන් සනිටුවන් වී තිබෙන්නේ.ඔවුන්ගේ හුස්මද මුසුවී තිබෙන්නේ මෙම භූමියෙහිමයි.අපගේ ජාතිය කාලාන්තරයක් මුළුල්ලේ මුතුන් මිත්තන් යැයි පරම්පරා ගතව ජිවත් වෙමින් පැමිණේ.
අපගේ ජාතියේ ඉතිහාසය තිරසාරව පැවති මෙම භූමිය ගැඹුරෙන් ඇසුරුකර මෙම භූමිය උදෙසාම දිවිපුදා මෙම භූමියේ උකුලෙහිම අපගේ මහාවිරුවන් සැතපෙති.ඔවුන් සැතපී සිටිනා මෙම භූමිය අපටම සතු භූමියයි.අපටම අයිති භූමියයි.මෙම ඵෙතිහාසික භූමිය ආක්‍රමණිය කර පාගා ගෙන පාලනය කිරීමට සිංහලය උඩංගුවෙන් සිටියි.නොනිමෙන ආසාවෙන් යුතුවද සිටියි.
මානව ශෝකයන් සියල්ල නොනිමි අසික්කිත ආශාවන්ගෙන් තමයි බිහිවන්නේ.මෙම ආසාවන් සියල්ල නොදැනුවත් කමින් උදා වේ.ආසාවන්ගේ ග්රහනයේ සිට නොමිදෙනා තුරු ශෝකයේ බරෙහි සිට ගැලවීමට නොපිලිවන. සිංහලය තමිල් භූමියට ආශාකරමින් විනාශය කරාවු හමුදා මාවතෙහි බැස සිටියි.
ලෝකයම එක් රැස් කර පැමිණ අප සමඟ ගැටෙයි.හමුදාව, ජයග්‍රහණ පිලිබඳ සිහිනලෝකයේ ජිවත් වන්නෙහිය.සිංහලයේ මෙම සිහිනයන් , නියතවම බොඳවනු ඇත.අපගේ මහාවිරුවන් දුටු සිහිනය දිනක සපල වනු ඇත.මෙය නියතයි.
මාගේ ආදරණීය ජනතාවනි.
කිසිකලෙක නොමැති අයුරින් තමිල්ඊලම් දේශය විශාල යුද්ධයකට මුහුණ දෙමින් සිටියි.මෙම යුද්ධය වන්නි ප්‍රාන්තය පුරා තීර්ව්ර වී පැමිණේ.සිංහල රජය හමුදාමය විසදුමෙහි විශ්වාසයක් ගෙන සිටිනා නිසා මෙහි මෙම යුද්ධය දිනෙන් දින තීර්ව්ර වී පුළුල් වෙමින් පැමිණේ.තමිල් ජනතාවගේ ජාතික ජිවිතයත් සම්පතුත් විනාශ කර තමිල් දේශයම සිංහල හමුදා පාලනයක් යටතේ පාගා ගැනීමයි සිංහල රජයේ මුලික චේතනාව.
මෙම චේතනාව ක්‍රියාවට නංවන අදහසින් තම යුද සැලසුම පෙරට ගනිමින් පැමිණේ.
තම මුළු හමුදා ශක්තියද, අවි බලයද, එක් රැස් කර මෙම මුළු ජාතික සම්පතුත් එකී ගොඩගසා සිංහල අන්තවාදි රජය උසිගන්වා තිබෙන මෙම ආක්රමණික යුද්ධයට එරෙහිව අපගේ විමුක්ති විරුවන් වීරාවේශයෙන් යුතුව සටන් කරමින් පැමිණෙති.
ලෝකයෙහි නොයෙකුත් රටවල් තමිල් ජනසංහාර යුද්ධයට බාධා කරමින් සිටිද්දී අප තනිව සිට අපගේ ජනතාවගේ ධාර්මික ශක්තියෙන් අපගේ ජනතාවගේ උදාව සඳහා සටන් කරමින් පැමිණෙන්නෙමු.
අද අපගේ විමුක්ති සංවිධානය ඉතාමත් දුෂ්කර අර්බුදවලින් පිරී ඵෙතිහාසික ගමනක නියැලමින් සිටියි.ලෝකයෙහි කිසිම විමුක්ති සංවිධානයක්වත් මුහුණ නොදුන් බොහෝ ඇද වැටිම් බොහෝ විපාර්්යාසයන් බොහෝ අර්බුදවලට අප මෙම ඵෙතිහාසික ගමනෙහි මුහුණ දී ඇත්තෙමු.ශක්තියට ඉහලින් බලවත් බලවේගයන් සමඟ සෘජුවම සටන් කර ඇත්තෙමු.
රැල්ලක් සේ නැගුන ආක්‍රමණයන් සියල්ලට මුහුණට මුහුණලා සිට ඇත්තෙමු.විශාල ද්‍රෝහිකම් විශාල විනාශකාරි ක්‍රියා යැයි අපට එරෙහිව ගොතන ලද අසීමිත කුමණ්ත්රනකාරි ජාලයන් සියල්ලන්ම තනිවම සිට සුනුවිසුණු කර ඇත්තෙමු.
මාරුතයක් ලෙස නැගුන මෙපමණක් විනාශයන් සියල්ලටම මහමෙරක් ලෙස සිටිමින් මුහුණ දුන්නෙමු.
මේ සමඟ සසඳන කල්හි වත්මන් අභියෝගයන් කිසිවක් අපට අළුත් දෙයක් නොවේ.විශාල දෙයෙක්ද නොවේ.මෙම අභියෝගයන්වල අප අපගේ ජනතාවගේ එක් රැස් වු ශක්තියෙන් යුතුව මුහුණ දී ජය ලබා ගන්නෙමු.
ආක්‍රමණය කර යටත් කර ගැනීමට සිංහල දේශය දඟලන මෙම භූමිය සිංහල දේශයට කිසි කලක අයිති වුවක්ද නොවේ.මෙම භූමිය අපට අයිති භූමියකි.ඉපැරණි තමිල් ශිෂ්ඨාචාරයක් දීර්ඝව පැවති භූමියකි.ඉතිහාසයට පෙර කාලයේ සිට අපගේ මුතුන් මිත්තන් ජිවත් වී හැදී වැඩුනු භූමියයි.මෙම භූමියේමයි,අපගේ ඉපැරණි රජවරුන් රාජ්‍යයන්ද රාජධානිද පිහිටුවා පාලනය කලේ. අපගේ ජාතියේ මුල් බැස තිබෙන මෙම භූමියෙහි අප සැනසිමෙන් ගෞරවනීයව පිටස්තරයන්ගේ බලතල ආධිපත්‍යයක් හෝ අත පෙවීමක් හෝ නොමැතිව අපගේ ජිවිතය අපම හදාගෙන ජිවත් විමට කැමැත්තෙන් සිටින්නෙමු.
ඉංග්රිිසීන්ගේ යටත් විජිත පාලනය බැහැර වී සිංහල ආධිපත්‍යය අපගේ භූමිය මත පතීත වු දා සිට අප අපගේ සාධාරණීය උරුමයන් සඳහා අවිහිංසාවාදී මාවතෙන්ද සන්නද්ධ මාවතෙන්ද සටන් කරමින් පැමිණෙන්නෙමු.
ස්වතීර්ණ උරුමය සඳහා වන අපගේ මෙම දේශපාලන අරගලය පසුගිය වසර 60 කට අධික කාලයක්ව දික් ගැස්සෙමින් තිබේ.මෙම දීර්ඝ ඉතිහාසයෙහි විවිධ කාල වකවානුවන්හිදී විවිධ ස්වරූපයන් ලෙස අපගේ අරගලය ප්‍රගතියක්ද දකිමින් පැමිණේ.ආරම්භයෙහි සාමකාමීව සාමකාමී අයුරෙන් ප්‍රජාතාන්ත්‍රික අයුරෙන් සටන් ව්‍යාපාරයන් මාර්ගයෙන් අපගේ ජනතාව සාධාරණය ඉල්ලමින් සටන් කලහ.
දේශපාලන අයිතින් ඉල්ලා තමිල් ජනතාව දියත් කල සත්යග්රහ ව්‍යාපාර අරගලයන් සිංහල අන්තවාදී රජය සන්නද්ධ මාර්ගයෙන් මුර්ඝ ලෙස මර්ධනය කිරීමට වැර දරා තිබුණී.
රාජ්‍ය මර්ධනය සීමාව ඉක්මවා අධික වී එහි දැරිය නොහැකි කෲරත්වයන්වලට අපගේ ජනතාව මුහුණ පෑ විටදී ඉතිහාසයේ සුපුරුදු සාමාන්‍ය නියමයක් ලෙස අපගේ විමුක්ති සංවිධානය බිහිවුණි.
සිංහල අන්තවාදී රජයේ සන්නද්ධ ත්‍රස්තවාදයෙන් අපගේ ජනතාව ආරක්ෂා කිරීමට අපට අවි අතට ගැනීමට බල කෙරුණි.සන්නද්ධ ප්රචණ්ඩ මාවත අප කැමැත්තෙන් තෝරා නොගත්තෙමු. ඉතිහාසයෙන්මයි අප හට බලෙන් බාර දුන්නේ.
වැලැක්විය නොහැකි බල කිරීමක්ව සන්නද්ධ අරගලයට පාත්‍ර වු නමුත් අප අපගේ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට යුද්ධය නවතා සාම මාවතින් විසදුමක් දැකීමටම කැමත්තක් දක්වන්නෙමු.
මෙයට අපගේ විමුක්ති සංවිධානය කවදත් සූදානමින් සිටියි.අප සාම වැඩ පිලිවෙලවල්වලට කවදත් විරුද්ධ වුවන් නොවේ.
ඒ අතර අප සාම සාකච්ඡාවලට සහභාගී වීමට පසුබට වුයේද නැත.සාම මාවතින් අපගේ ජනතාවගේ දේශපාලන උරුමයන් ලබා ගැනීමට තිම්පුවේ සිට අරඹා ජෙනීවා තෙක් නොයෙකුත් ඵෙතීහාසික පසුබිම්වල සාකච්ඡාවලට සහභාගිවෙමින් පැමිණියෙමු.
අපගේ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට සාම මාවතෙන් විසදුමක් දැකීමට අප හෘදයාංගවමද අවංකවද කටයුතු කල නමුත් සාකච්ඡා සියල්ල පරාජයෙන්ම අවසන් වුණි.
මෙම පරාජයට හේතුව සිංහල රජයන්ගේ අනම්‍යශීලි දැඩි ස්ථාවරයත් වංක දේශපාලන පිලිවෙතුනුත් හමුදාමය මාර්ගයෙන් වන විසදුමක විශ්වාසයත්ය.
ආශ්චර්්යයක් ගෙන දෙන යුධ වාර්තාවන් උදා කර සිංහල හමුදාවන්ගේ කොදුනාරටිය බිඳ දමා හමුදා සම තත්වය අපට සාධනීයව හැරවුන නමුත් අප නොර්වයේ අනුග්‍රහයෙන් සාම සාකච්ඡාවලට සහභාගි වුනෙමු
යුද්ධයට අවසානයක් දැක සය වසරක්ව දිගටම සාම සාකච්ඡාවන්හි අවංකවද කැමැත්තෙන් යුතුවද සහභාගි වුනෙමු.හමුදාවන්ගේ අනවසර ක්‍රියාද කුපිත කරනා සිද්ධීන්ද ඉවසා දරා ගෙන සාමය සුරැකියෙමු.
මේ සියල්ල අප කලේ සිංහල අන්තවාදී රජය අපගේ ජනතාවගේ සාධාරණීය ඉල්ලීම් පිලිගෙන සාධාරණය ඉටුකරනූු ඇත, යන විශ්වාසයෙන් නොවේ.
සිංහල රජයේ සාම වෙස් මුහුණ ගලවා සාමයෙහි අපට තිබෙනා තැකීම, ලෝකයාට පෙන්නුම් කිරීමට අප සාකච්ඡාවලට සහභාගි වුනෙමු.ලෝක කරලියෙහි නොයෙකුත් රටවල්වල අග නගරයන්හි කරලියට ගෙන එන ලද මෙම සාම සාකච්ඡා තමිල් ජනතාවගේ හදිසි දෛනික ප්රශ්නයන් හෝ ජනවාර්ගික ප්‍රශ්නයෙහි මුලික ප්රශ්නයන් හෝ විසදනා අයුරින් පැවතියේ නැත.
විමුක්ති කොටි සංවිධානය බෙලහීන කර තමිල් දේශයත් ජාත්‍යන්තර ප්‍රජාවන් මුලා කිරීමට ශී‍්‍ර ලංකා රජය මෙම සාකච්ඡා උපයෝගි කර තිබුණි.
සාකච්ඡා යන මුවාවෙන් සිංහල රජය තමිල් දේශය වෙත විශාල හමුදා පෙරට ගැනීමක් සඳහා වන සුදානමක් සිදු කලහ.සටන් විරාමයත් සාම පරිසරයත් උපයෝගි කර තම බෙලහීන වු ආර්ථිකය යලි ගොඩනගා ගැනීමට තම විනාශ වී ගිය හමුදා භූතයාව යලිත් තට්ටු කර නැගිටුවා තිබේ.
විශාල ප්‍රමාණයක පුද්ගලයන් රැස් කර අවි ආයුධ ඇණවුම් කර සේනාංක ශක්තිමත් කර යුධ අභ්‍යාසයන් සිදු කර තිබුණී.තමිල් දේශය සාම වෑයමෙහි නියැලි සිටිද්දී සිංහල දේශය යුධ සුඳානම් කටයුතුවල තමන්ව සහමුලින්ම කැප කර තිබුණි.
මේ අතර සාම වෑයමෙහි මුර දේවතාවන් ලෙස තමන්ව හදුන්වා සිටි ලෝක රටවල් අතරින් කොටසක් උත්සන්න වී ක්ෂණික ක්‍රියාමාර්ගවලට බැසීම සාම වෑයම්වලට අකුල් හෙලමින් පැවතුණි.
මෙම රටවල් අපගේ විමුක්ති සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස උදාසීන කොට පිලිඹුම් කලහ.තහනම් කරන ලද සංවිධාන අතරින් ලැයිස්තු ගත කර අපව පිලිනොගත යුතු අය ලෙස අයින් කර පසකට දැමුහ.
විදේශ රටවල ජීවත් වන අපගේ ජනතාවන් වෙත අසීමිත සීමාවන් පනවා අපගේ විමුක්ති අරගලයට සහයව ඔවුන් පෙරට ගත් දේශපාලන ක්‍රියාදාමයන්ට බාධා පැමිණවුහ.
තමන් ජීවත් වන රටවල්වල දේශපාලන නීතිරීතිවලට අනුකූලව නීතිරීති කඩ නොකර අපගේ ජනතාව සිදු කල මානුෂික කටයුතු හෑල්ලුවට පත් කලහ.
සිංහල රජයේ ජන සංහාරයට ලක් වී මානව ඛේදවාචකයට මුහුණ දී සිටි තම මව්බිමේ සහෝදර ජනතාව රැකීමට අපගේ ජනතාව පෙරට ගත් මානුෂිය සහන සේවා කටයුතු , විශාල අපරාධ ක්‍රියා ලෙස සැලකුහ.
තමිල් ජනතාවගේ නියෝජිතයින්ද තමිල් හිතෛෂින්වද අත් අඩංගුවට ගෙන සිර අඩැස්සියේ තබා අවමන් කලහ.මේ රටවල පක්ෂග්රාහී මෙම ක්‍රියාවන් සාකච්ඡාවල අප දැරූ සම තත්ව සබඳතාවලට සම කොටස් කරුවන් යන තරාතිරමද විශාල විපතක් ගෙන දුන්නකි.
මෙය සිංහල දේශයේ අන්තවාදී පිලිවෙත තවදුරටත් උසී ගැන්වුවක් වුණි.සිංහල ජාතිවාදී බලවේග දිරීමත් වී අපට එරෙහිව යුධ ධජය එස වුහ.මෙය සිංහල දේශය තවදුරටත් හමුදා මාවතටම ඇඳ දැමුණි.
සිංහල දේශය සාම දොර අගුල් වසා තමිල් දේශය වෙත යුද්ධය පෙරට ගත්හ.
ජාත්‍යන්තරයේ අනුග්‍රහය ඇතිව අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම ඒකපාර්ශිකව ඉරා දැමුහ.සාමය ගැන කථා කල රටවල් එවිට නමටවත් මෙය හෙළා දැක්කේ නැහැ.කණගාටුව හෝ දන්වා සිටියේ නැත.ඒ වෙනුවට ලෝක රටවල් සමහරක් සිංහල දේශයට විනාශකාරී අවි ආයුධ ලබාදී හමුදා පුහුණුවද හමුදා උපදෙස් නොමිලේ ලබා දෙමින් පැමිණුනි.මේ නිසාමයි සිංහල රජය තමිල් ජනතාවට එරෙහිව ජන සංහාර යුද්ධය, එඩිතරවද උඩඟුවෙන්ද අනුකම්පාවකින් තොරව පෙරට ගනිමින් පැමිණෙන්නේ.
අද සිංහල දේශය කිසි කලක නොමැතිව හමුදා ශක්තියෙහිද හමුදා පිළිවෙතෙහිද හමුදාමය මාර්ගයේ විසදුමෙහි ද විශ්වාස ගෙන කටයුතු කරයි.තමිල් නිජ බිමෙහි හමුදා ආධිපත්‍ය ස්ථාපිත කොට අවි බලයෙන් පාගා ගෙන තමිල් ජනතාව පාලනය කල යුතුයි යන එහි ආශාව අධික වී තිබේ.මේ නිසා තීර්ව්ර වී ව්‍යාප්ත වී පවතී.මෙම යුද්ධය සැබෑවටම සිංහල රජය පවසන මෙන් විමුක්ති කොටින්ට එරෙහි යුද්ධයක් නොවේ.මෙය තමිල් ජනතාවන්ට එරෙහි යුද්ධයකි.තමිල් ජාතියට එරෙහි යුද්ධයකි.තමිල් ජාති සංහාරය ඉලක්ක කොට ගත් යුද්ධයකි. සහමුලින්ම මෙය එක් ජන සංහාර යුද්ධයකි.මෙම යුද්ධය අපගේ ජනතාවටමයි විශාල විපතක් උදා කර තිබෙන්නේ.
යුද්ධයේ කෲරත්වය ජනතාව වෙත හරවා ජනතාව වෙත දැරිය නොහැකි දුක් ගැහැට පටවා ජනතාව කොටි සංවිධානයට එරෙහිව හරවාලීමට පිලිවන යන වැරදි ආශාවකින් සිංහල රජය කටයුතු කරමින් පැමිණේ.මාර්ග වසා දමා ආහාරත් ෙඖෂධත් වළක්වා අපගේ ජනතාව දැඩි හමුදා ග්‍රහණය තුල තබමින් බෝම්බ හෙලීම්ද ෂෙල් ප්‍රහාරයන්ද සිදු කරමින් පැමිණේ.තම භුමිය අහිමි වී එම භුමියේ ජීවත් වු ජීවිතය අහිමි වී සරණාගතයින් ලෙස ඇවිදින ශෝචනීයත්වයක් අපගේ ජනතාවට උදා කර තිබේ.ඉපදීමේ සිට මරණය තෙක් සදා කල් ශෝක කුරුසය දරා ගෙන සිටිනා ජනතාවක් බවට පත් කර සිටිති.
රෝග උවදුරු වැහැරුණු සිරුරැතිව හා මරණයෙන් අපගේ ජනතාවගේ ජීවිතය ශෝකයේ ගිලී පවතී.අපගේ ජනතාවගේ ස්ථිරභාවය බිඳ දැමිය යුතු යන එකම චේතනාවෙන් යුතුව අපගේ විරුද්ධවාදීන් වන සිංහල රජය අද අපගේ ජනතාවන් වෙත අසීමිත කෲරත්වයන් සිදු කරමින් පැමිණේ.විශාල අසාධාරණයන් සිදු කරමින් පැමිණේ.ලෝකයේ කොතනකවත් සිදු නොවන කුරිරු මර්ධනයන් උපයෝගි කරයි.
අපගේ දේශය වෙත විශාල ආර්ථික යුද්ධයක් දියත් කර ,අපගේ ජනතාවගේ ආර්ථික ජිවිතය සිඳ බිඳ දමා ,ඔවුන්ගේ දෛනික ජිවනෝපායන් වියවුල් කර සිටිනා ක්‍රියාවලියක බැස සිටියි.ශී‍්‍ර ලංකා හමුදාවන්ගේ පාලනය යටතේ පවතින තමිල්ඊලම් මාතෘභුමි ප්‍රදේශයේ මසක් පාසා වැසියන් සිය ගණනින් අතුරුදහන් වෙති.ඝාතනය කෙරෙති.සිංහල පෙදෙස්වල තමිල් ජනාතව අතුරුදහන් වීමත් ඝාතනය කිරීමත් සාමාන්‍ය සිද්ධීන් වී ඇත.හමුදාවන්ගේ ආක්රමණයේ පවතින තමිල් ප්‍රදේශවල වක්රාකාර ජන සංහාර ප්‍රතිපත්තිය අද වේගවත්ව ක්‍රියාවට නංවා තිබේ.
මරණයත් විනාශයත් හමුදා අපරාධ ක්‍රියාවන්ද තම භුමියෙහිම සිර කෙරුණ ජීවිතයක්ව අපගේ ජනතාව දිනපතාම විඳිනා දුක් ගැහැට ඉතාමත් කුරිරු වුවකි. අත් අඩංගුවට ගැනීම් ද සිරගත කිරීම්ද වඳ හිංසාද ලිංගික අතවරද ඝාතනද අතුරුදහන් වීම්ද සමූහ මිනීවළවල්වල වල දැමීම්ද අපගේ ජනතාවන්ගේ ජිවිතය කැරකෙවෙයි.එනමුත් අපගේ ජනතාව විශ්වාසය තුරන් කර ගෙන නැත. නිදහස් පිපාසයෙන් යුතුව පිබිදීමකින් සිටිනා අපගේ ජනතාවට මොනයම් තහංචියකින්වත් කිසිවක් සිදු කිරීමට නොපිලිවන.අහසේ සිට වැටෙනා බෝම්බවලින්ද ඔවුන්ගේ විමුක්ති හැගීම්ද විනාශ කිරීමට නොපිලිවන.
අපගේ ජනතාවන් භෝක කුරුසය සදාකල් දරා පුරුදු වුවන්ය.විනාශයන්ටද අහිමි වීම්වලටද සැමදා මුහුණ පා ජීවත් වන්නන්ය.මේ නිසා ඔවුන්ගේ දැඩි අධිෂ්ඨානය තව තවත් සවිමත් වී තිබේ.විමුක්තිය සදහා වු වේගය තව තවත් බලවත් වී තිබේ.විශාල යුද්ධයකට මුහුණ දෙමින් අප මෙතෙක් කල් පරිත්‍යාගයන් කර සටන් කරමින් පැමිණීම අපගේ ජනතාවගේ නිදහස් ගෞරවනීය සැනසිලිදායක ජීවිතයකට මිස වෙනත් කිසිවෙකුටත් නොවේ.ලෝක තමිල් ජනතාවන්ගේ සමස්ථ සහය ඇතිව අප මෙම අරගලය සිදු කරමින් පැමිණෙන්නමු.
එපමනක් නොව අපගේ අරගලය මොනයම් රටකවත් ජාතික යහපතකට හෝ භුගෝලීය සුභ සෙතට හෝ ආර්ථික සුභ සෙතට හෝ හරස්ව සිටියේ නැත.අපගේ ජනතාවගේ ගැඹුරු අභිලාශයන්ද මොනයම් දේශයකත් මොනයම් ජනතාවකගේත් ජාතික සුභ සෙතට අයහපත්ව පැවතියේද නැත.මෙම දිර්ඝ සටන් ඉතිහාසයෙහි අප සැලසුම් සහගතව මොනයම් දේශයකට විරුද්ධවත් කටයුතු කර නැත.අපගේ විමුක්ති සංවිධානය හෝ වේවා, අපගේ ජනතාව හෝ වේවා කවදත් ලෝක රටවල් සමග ද අපගේ අසල්වැසි රට වන ඉන්දියාව සමගද මිත්‍රත්වය ගොඩ නගා කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින්නෙමු.මේ සදහා ඇතිවන බාහිර තත්වයන් උදා කර මිතු සබඳතා , ගොඩ නඟා ගැනීමට කැමැත්තෙන් සිටින්නෙමු.අපගේ හොද හිත පිලිබිඹු කර සබඳතා ගොඩ නැගීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.අපව තහනම් කර තිබෙනා රටවල් අපගේ ජනතාවගේ අභිලාශයන්ද ගැඹුරු කැමැත්තෙන්ද අවබෝධ කර ගෙන අප වෙත වු තහනම් ඉවත් කර අපගේ සාධාරණීය අරගලය පිලිගත යුතු බවට සාදරයෙන් ඉල්ලා සිටින්නෙමු.
අද ඉන්දියා දේශයේ විශාල විපර්යාසයන් සිදු වෙමින් පැමිණේ.එහි තුනී වී ගොස් තිබු අපගේ අරගලයට වු සහයක හඬ අද ඉතාමත් ඉහලට එසවී රැව්දේ. අපගේ අරගලය පිළිගන්නා සාධනීය තත්වයක් පිලිබිඹු වේ.මෙම කාල විපර්යාසයන්ට අනුව ඉන්දීය මධ්‍යම රජය සමග බිඳී ගිය අපගේ සබඳතා අප යලිත් අළුත් කර ගැනීමට කැමැත්තෙමු.එකල ඉන්දියාව ගෙන සිටි ස්ථාවරයන්ද පිලිවෙත්ද මැදිහත් වීම්ද ඊලම් තමිල් ජනතාවටත් ඔවුන්ගේ අරගලයටත් අයහපත්ව පැවතුණි.අන්තවාදී සිංහල රජය තම කපටි නාටකයන් මගින් අපගේ විමුක්ති සංවිධානයටත් කලින් පැවති ඉන්දීය පාලනයටත් අතර විරසකයක් උදා කර තිබුණි.මෙම විරසකය තුලින් නැගුණ මත භේද තව තවත් දරුණු වී විශාල යුද්ධයක්ව පිපිරුණි.මෙහි ප්රතිපලයක්ව අපගේ ජනතාව විශාල විනාශයකට මුහුණ පෑමට සිදු විය.
අප අපගේ අධිෂ්ඨානයේ ස්ථීරව සිටීමට හේතු වු නිසාමයි අපගේ සංවිධානයටත් ඉන්දීය රජයටත් භේද උදා වුණේ.එනමුත් අප කිසි විටෙකත් ඉන්දියාව එදිරි බල වේගයක් ලෙස අදහස් කලේ නැත.ඉන්දියාව අපගේ මිත්‍ර බල වේගයක්ව අපගේ ජනතාව කවදත් අදහස් කරති.අපගේ ජාතික ප්‍රශ්ණ කෙරෙහි ඉන්දියාව සාධනීය ස්ථාවරයක් ගනු ඇතැයි විශාල ලෙස බලාපෙරොත්තු වෙමු.කාලයක් මුහුදෙන් වෙන් වු දුරස්තරයත් අපව වෙන් කර සිටි නමුත් අපගේ ජනතාවගේ හඳ ගැස්ම මනාව දැන ගෙන තමිල්නාඩුව පිබිදී සිටීම තමිල්ඊලම් ජනතාව සියළු දෙනාටමද අපගේ විමුක්ති සංවිධානයටද විශාල සැනසීමක් හා විශ්වාසයක් උදා කර තිබේ.අපගේ ජනතාව වෙනුවෙන් සහයක හඬ නගා මිතු දෑත් දිගු කරනා තමිල්නාඩු ජනතාවටද තමිල්නාඩු නායකයින්ටද ඉන්දීය නායකයින්ටද මෙම අවස්ථාවේ අපගේ ආදරයත් ස්තුතියත් දන්වා සිටින්නෙමි.
මේ අතරඅපගේ තමිල්ඊලම් තනි රාජ්‍ය අරගලයට සහයව ප්‍රබල හඬක් නගනා අතර ඉන්දියාවටත් අපගේ සංවිධානයටත් අතර වන මිතුදමට බාධකයක්ව පැන නැගී තිබෙනා අප වෙත වු තහනම ඉවත් කිරීමටද ඵලදායි ක්‍රියා මාර්ග ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නෙමි.
මාගේ ආදරණිය ජනතාවනි.
සිංහල දේශපාලන ලෝකයෙහි විශාල වෙනසක් හෝ විපර්යාසයන් හෝ සිදු වුයේ නැත. එහි දේශපාලනය යුධ ස්වරූපයක් ගෙන තිබේ. දයාව කරුණාව හා ධර්මය දේශනා කල බුදුරදුන්ව වැඳ පුදා සිටිනා එම දේශයේ ජාති ක්රෝධයන්ද යුධ වෙරියන් ලෙසට පත් වී සිටිිති.එහි යුධ හඬ පමණයි අපට අසන්නට හැකිව තිබෙන්නේ.යුද්ධය අත හැර සාම මාවතෙන් ප්‍රශ්ණය විසඳන මෙන් එහි කිසිවෙකුවත් හඬ නැගුවේ නැත.සිංහලයේ දේශපාලනකයින් සිට පුූජ්ය පක්ෂය තෙක්ද මාධ්‍ය වේදීන්ගේ සිට ජනතාව තෙක්ද යුද්ධයට හඬ නගති.
තමිල් දේශය යුද්ධයකට කැමැත්තක් නැත.ප්‍රචණ්ඩත්වයට කැමැත්තක්ද නැත.අවිහිංසාවාදී මාර්ගයෙන් සාම මාවතින් සාධාරණය ඉල්ලා සිටි අපගේ ජනතාව වෙත සිංහල දේශයමයි යුද්ධය හොබා තිබෙන්නේ.අපගේ කලාපයේ සාක් රටවල්වල නායකයින් කොළඹදී රැස්වන විට අපගේ දේශයේ හොඳ හිත පිලිබිඹු කර නිවේදනය කල සටන් විරාමය පිලිගැනීම ප්‍රතික්ෂේප කර එය හාස්‍යයට ලක් කොට යුද්ධය පෙරට ගෙන සිටින්නේද සිංහල රජයමයි.පිලිගත නොහැකි අවමන් කරනා කොන්දේසි පනවා යුද්ධය පෙරට ගෙන සිටින්නේ සිංහල දේශයමයි.
සිංහල දේශය ජන සංහාර යුද්ධයක් අපගේ භුමියෙහි සිදු කරමින් පැමිණේ.මෙම සත්‍ය වසන් කර ලෝකය මුලා කිරිමට සිංහල රජයන් කාලාන්තරයක්ව නොයෙකුත් දේශපාලන නාටකයන් කරළියට ගෙන එමින් පැමිණේ. වට මේස සමුළුවෙන් අරඹා අද සර්ව පාක්ෂික රැස්වීම යැයි මෙම මුලා කිරීමේ නාටකයේ ලැයිස්තුව දිගු වෙමින්ද තිබේ.
පසුකර ගිය මෙම දීර්ඝ කාල වකවානුයෙහි සිංහල රජයන් ලෝකය මුලා කර සිටියා මිස තමිල් ජනතාවගේ ජාතික ප්‍රශ්නයට යහපත් මොනයම් විසදුමක්වත් ඉදිරිපත් කලේ නැත.ඒ වෙනුවට සිංහල දේශය තම හමුදා ශක්තියෙන් තමිල් භුමිය ගිනි තබා අවුල්වා ඇත.තමිල් දේශය සාමය වියවුල් කර ඔවුන්ගේ භුමියේ පැවති ජීවිතය විනාශ කර ඔවුන්ව සරණාගතයින් ලෙසට පත් කර ඇත.තමිල් ජනතාවගේ මුලික ඉල්ලිම් පිලිගැනීම ප්‍රතික්ෂේප කර තමිල් දේශය දෙකඩ කර එහි සිටිනා තමිල් විරෝධි සන්නද්ධ කණ්ඩායම් පාලනයෙහි හිදුවා හමුදා පාලනයක් සිදු කෙරෙයි.
විමුක්ති කොටින්ව පරාජය කල පසුවමයි තම විසදුම් යෝජනාවලිය නිවේදනය කරන්නෙමු යැයි පවසමින් යුද්ධය පෙරට ගෙන යයි.තමිල් ජනතාවට හිංසා පීඩා කර ඝාතනය කර විනාශ කල පසු සිංහලය කවුරුන් හටද විසදුමක් ඉදිරිපත් කරන්නට යන්නේ?
තමිල්ජනතාවගේ අයිතිහාසික දේපලක් වන මව්බිම පිලිගැනීම ප්‍රතික්ෂේප කරනා සිංහලය කෙසේද අපගේ ජනතාවට සාධාරණිය විසදුමක් ඉදිරිපත් කරන්නේ ?
තමිල් ජනතාවගේ ජාතික ප්රශ්නය යන කරුණෙහි මර්ධනය යන එකම මාවතෙහිමයි සිංහලය ගමන් කරමින් සිටින්නේ.හමුදා ප්රචණ්ඩ මාවත අතහැර සිංහලය සාධාරණය ඉටුකරනු ඇතැයි අපගේ ජනතාව තුල තිබු සුළු විශ්වාසයද අද සහමුලින්ම තුරන් වී තිබේ.
සිංහල දේශයෙහි පසු ගිය 60 වසරක්ව සිදු නොවු දේශපාලන වෙනසක් මින් මතු කාලවල සිදු වන්නට යන්නේ නැත.එසේ විශ්වාස කර මුලාවීමට අපගේ ජනතාව ලැහැස්ති නැත.
ලෝක ගෝලයේ ඊලම් තමිල් ජාතිය කුඩා දේශයක්ව සිටින නමුත් අප විශාල බලසම්පන්න ශක්තිමත් ජාතියකි. අසමසම අනන්‍යතාවයකින් යුතු ජාතියක් අනන්‍යතාවයකින් යුතු භාෂාවක්ද සංස්කෘතික ජිවිතයක්ද ගෙන සිටිනා ආඩම්බරනීය ජාතීයකි.මෙවැනි අපගේ ආඩම්බරයන් විනාශ කර තමිල්ඊලම් දේශයෙහි තමිල් ජනතාවගේ ස්වාධිපත්‍යය සුනුවිසුණු කර හමුදා බලයෙන් තම ආධිපත්‍යය හොබවීමට සිංහලය තැත් කරයි.
තමිල් ජනතාවගේ නිදහස් ව්‍යාපාරය යනාදි අයුරෙන් අප අපගේ භූමියෙහි සිංහල ආක්‍රමණයට හෝ සිංහල ආධිපත්‍යයට හෝ කවදත් ඉඩ දෙන්නට යන්නේ නැත.
කොපමණ අභියෝගයන්ට මුහුණ දුන්නද කොපමණ බාධකවලට මුහුණ පෑවද කොපමණ බලවේග විරුද්ධව සිටියද අප තමිල් ජනතාවගේ නිදහස් උදාව සඳහා දිගටම සටන් කරන්නෙමු.
ඉතිසාහය හැර සිටි මාර්ගයෙහි කාලය දුන් නියෝගයට අනුව සිංහල අන්‍ය ආක්‍රමණය ඉවත් වන තුරු අප අඛණ්ඩව සටන් කරන්නෙමු.මෙම ඉතිහාසයේ පසුබිමෙහි තමිල් ජනතාව ලෝකයේ කුමන මුල්ලක ජිවත් වුනද කුමන ධජයක හැදුනද අපගේ ජාතික විමුක්තියට ස්ථිරව හඬ නගා අපගේ නිදහස් ව්‍යාපාරයේ දෑත් ශක්තිමත් කරනා මෙන් සාධාරණයෙන් ඉල්ලා සිටින්නෙමි.
ඒ සමඟ තම උදව් ආධාර ලබා දී අඛණ්ඩවම දායකවන මෙන්ද උරුමයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමි.මෙම අවස්ථාවෙහි දේශයේ විමුක්ති සේවය පුළුල් ලෙස පෙරට ගනීමින් සිටිනා විදේශගත වී ජීවත් වන අපගේ යොවුන් පරපුරටද අපගේ ආදරයත් ප්‍රශංසාවත් දන්වා සිටින්නෙමි. සත්‍ය අධිෂ්ඨාන ගින්නෙහි තමන්වම දවාගෙන ඉතිහාස ගත වු අපගේ මහාවිරුවන් මඟෙහි ගොස් අප අපගේ අධිෂ්ඨානය ලගා කර ගන්නා බවට සඵත කරගන්නෙමු.
පුලිගලින් තාහම් තමිල්ඊලම් තායගම් !
අතිගරු නායකතුමාණන්,
තමිල්ඊලම් විමුක්ති කොටි සංවිධානය.




