Aug 12th, 2009 by Palitha
ශි්‍ර ලංකාවේ සිවිල් යුද්ධයේ දි අවතැන් වුවන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් රජය විසින් රැදවුම් කඳවුරු ලෙස නම් කළ හැකි zසුභ සාධක ගම්මානයන් Z හි රඳවා ඇත¡ ඔවුහු නිසි ආරඬාවකින් ද කෑම බීම සහ වෛද්‍ය පහසුකම් වලින් තොරව ඉතාමත් අසිරූ තත්වයක පසු වෙත්¡ ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් බිහිසුණු ගැටුම් පැවති අවස්ථාවේ දි දරුණු තුවාල ලබා නිසි ආහාර පාන කිසිවක් නොමැතිව දැඩි කම්පනයෙන් යුතුව සති ගණනක් පසු වුවෝ වෙත්¡. කඳවුරු වල තත්වය කෙතරම් අයහපත් වුවත් ඔවුන් ට එම කඳවුරු වලින් පිටව යා නොහැකි යැයි එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කිං මුන් සඳහන් කරයි¡. ඔබට මෙහි දි උපකාර කළ හැක¡ පෙත්සම අත්සන් කරමින් ඔබ ගේ හිතවතුන් හා පවුලේ සාමාජිකයින් මෙම ජගත් ව්‍යායාමයට සම්බන්ධ කරන්න¡ තවදුරටත් පරිශිලනය කරන්න
ඔවුහු මැදිහත් වි තිබේ
Posted in News | 1 Comment »
එල්.ටී.ටී.ඊ සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කොට මුළු රටේම බලය අත්පත් කරගත් බවට ආණ්ඩුව ප්‍රකාශ කළද තවමත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ පිරිස් විසින් සැගවී සිදු කරන ප්‍රහාර වලින් ආරකෂක අංශයේ සාමාජිකයන් මිය යන බව හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. දැනට සති දෙකකට පෙර මන්නාරම ප්‍රධාන හමුදා කඳවුරට මායිම ව තන්තිරිමලේ පිහිටි ආරකෂක කපොල්ලකට එල්.ටී.ටී.ඊ සන්නද්ධ කණ්ඩායමක් විසින් කරන ලද ප්‍රහාරයකින් එහි සේවයේ යෙදී සිටි ග්‍රාමාරකෂක භටයන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇතැයි සිවිල් ආරකෂක අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ග්‍රාමාරකෂකයින් 4 ක් සහ පොලිස් නිළධාරියෙකු එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි බව කියැවේ. මෙම ප්‍රහාරයෙන් පසුව හමුදාව විසින් සිදුකළ සෝදිසියකදී චොක්ලට් සහ මැලිබන් බිස්කට් අඩංගු පාර්සල් 15 ක් ඒ අවට තිබී සොයා ගෙන ඇත. වන්නි සහ මුලතිව් කැලෑ තුළ ආයුධ සන්නද්ධ කුඩා කණ්ඩායම් කිහිපයක් සැගවී සිටිමින් මෙම ප්‍රහාර සිදු කරන බවට වූ තොරතුරු හමුදාවට දැන ගන්නට ලැබී ඇතැයි හමුදා ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.
Posted in News | 2 Comments »
ජගත් ජයසූරිය හමුදාපති පදවියට පත් කිරීමට පෙරදින රාත්‍රියේ ඔහුගේ නිවස වැටලු මිලිටරි පොලීිසිය ජගත් ජයසූරිය, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා හැර නිවසේ සිටි අනෙකුත් සියලූම දෙනාම මිලිටරි පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර ඇත්තේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යැයි අභ්‍යන්තර හමුදා ආරංචි මාර්ග වලින් කියැවේ. සරත් ෆොන්සේකා මෙම නියෝගය දී ඇත්තේ ජගත් ජයසූරිය ඊට පසු දින හමුදාපතිධූරයට පත් කරන බවට ආණ්ඩුවේම ප්‍රභලයකුගෙන් ලැබී ඇති තොරතුරක් මතය. Continue Reading »
Posted in News | 3 Comments »
යුධ පෙරමුණේ රජය පාර්ෂවයට පවතින පිරිස් පුරප්පාඩුව හේතුවෙන් දැනට බාල වයස්කාර දරුවන්ද හමුදාවට බදවා ගන්නා බව
ඊයේ දින පැවති මුලතීවු ගැටුමෙන් අත්පත් කල හමුදා මලසිරුරු අතරින් හමු වු ජාතික හැදුනුම්පත්වලින් අනාවරණය වේ. ඊයේ දින පැවති මුලතීවු ගැටුමේදී අත්පත් කල මලසිරුරුවලට අයත් ජාතික හැදුනුම් පත් කිහිපක් සොයා ගෙන තිබේ.මේ අතරින් බාල
වයස්කරුවෙකුගේ ජාතික හැදුනුම් පතක් සොයා ගෙන තිබීම විශේෂයෙන් සදහන් කල යුතු කරුණකි. Continue Reading »
Posted in Uncategorized | 1 Comment »
එල්ටීටීඊය පරිපාලන මධ්‍යස්ථානය ලෙස සැලැකෙන කිලිනොච්චිය අහිමිවුවත්, ආරකෂක හමුදා සමඟ දිගටම සටන් කරන බව එම සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානි බාලසිංහම් නඩේසන් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට පූර්ව කොන්දේසියක් ලෙස අවි බිම නොතබන බවද ඔහු කියයි. කිලිනොච්චි නගරය බිඳවැටුනත්, සටන නොනවත්වන බවත්, නිදහස් කවදාවත් එක් නගරයක් මත රඳා නොපවතින බවත්, තව තවත් මිනිස් සමාජයන්, අලූත් නගරත් තමන්ට නිර්මාණය කළ හැකි අතර, වඩාත් වැදගත් වන්නේ තම නිදහස් අරගලය බවත් නඩේසන් ප්‍රකාශ කර සිටී. ජනතාව ඒ අරගලයට සහාය පළ කරන බවද ඔහු කියයි. තම නිජ භූමියේ තව තවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමට හැකි බවට තම සංවිධානයට විශ්වාස බවද ඔහු කියයි. අවි බිම තබා සාකච්ඡාවට එන්නැයි රජය කරන ඉල්ලීම ප්‍රතිෙකෂ්ප කරන නඩේසන්, තමන් ආයුධ අතට ගත්තේ තම ජනතාවගේ ආරකෂාව සඳහා බවත් ජනතාවගේ ආරකෂාව සහතික වනතුරු අවි දරා සිටින බවත් කියයි.
Posted in News | 2 Comments »
Dec 23rd, 2008 by Palitha
ශ්‍රී ලංකාවේ පොලීසිය යතුරු පැදි කරුවන් වෙත පනවා ඇති zහෙල්මට් නීතියZ සංශෝධනයකට ලක් කර ඇති දැයි සැකයක් මේ සමග ඇති ඡායාරූපය නරඹද්දී ඔබටත් ඇති වුනානම් අපි පුදුම නොවෙමු. zලංකා ඊ නිව්ස්Z පාඨකයෙකු මෙම ඡායාරූපය අප වෙත එවා තිබිණ.
Posted in News | 1 Comment »
උතුරු ශී‍්‍ර ලංකාවේ දී මෑත සති ගනනාව තුල හමුදාව සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සංවිධානය අතර පැවති දරුනු සටන්, දෙපාර්ශ්වයේ ම, සිය ගනනක නොවේ නම්, දුසිම් ගනනක මරනවලටත් ඊටත් වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබීමටත් තුඩු දී ඇත. වත්මන් මිලිටරි ආක‍්‍රමනික මෙහෙයුම් කේන්ද්‍ර කොට ඇත්තේ උතුරේ වන්නි කලාපය තුල එල්ටීටීඊයේ මිලිටරි හා පරිපාලන මූලස්ථානය වන කිලිනොච්චිය අල්ලා ගැනීම මතය. එල්ටීටීඊ නායක වේලූපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඊයේ වාර්ෂික _මහා වීර දින _ කතාවට පෙර නගරය අල්ලා ගැනීම ශී‍්‍ර ලංකා ආන්ඩුවේ අභිප‍්‍රාය විය. Continue Reading »
Posted in News | 1 Comment »